Quantcast
Channel: Mountains – Lakdasun Trip Reports Archive
Viewing all articles
Browse latest Browse all 732

වලාකුළු වලට උඩින් ඉන්න යමු පරවියන්ගල

$
0
0
Year and Month December 2016
Number of Days 01
Crew 5 (Sobasiri Team)
Accommodation N/A
Transport Motor Bicycles
Activities Hiking, Photography, nature Exploring
Weather Perfect
Route Colombo -> Awissawella -> Ratnapura -> Balangoda -> Belihuloya -> Pambahinna
Tips, Notes and Special remark
  • Take enough water 2Lx2
  • Do not hike during rainy season
  • This mountain might be on landslides on rainy season
  • Leech protection needed for the wet ground levels
  • Take some foods as the hike is bit long
  • Beware of dry season for wild fires
  • Do not forgot to clear your camping area before you leave
  • Please do not pollute the environment, bring your own garbage with you
Related Resources Articles : Online ArticleTrip reports
Author Ranshan Fernando
Comments Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread
  • වලාකුළු වලට උඩින් ඉන්න යමු පරවියන්ගල(Paraviyangala)

බෙලිහුල් ඔය යනු ලංකාවේ තිබෙන තවත් නුවරඑළියක් වැනි කඳු, දියඇලි, නිම්න හා මීදුම් යායන් පිරුණු නගරයකි. බෙලිහුල්ඔය දැවැන්තයින් වන වංගෙඩිගල, බලතුඩුව හා ගොම්මෝලිය කඳු අතර කරට කර ගැටෙන අනෙක් කඳු ත්‍රිත්වය නම් පරවියන්ගල, හාවාගල සහ නැග්රුක් කඳු වේ. මින් පරවියන්ගල යනු කඳු මුදුන් හයක් පමණ සහිත විශාල කඳු වැටියකි. ආදර කන්ද ලෙස හඳුන්වන මෙය සැබැවින්ම සරසවි ආදරය මෝදු කරවන ස්ථානයකි. මන්දයත් සබරගමු සරසවි සිසු සිසුවියෝ වාර්ෂිකව මෙම කන්ද තරණය කරන හෙයිනි. රත්නපුර බදුල්ල මාර්ගයේ පඹහින්න ආසන්නයේදී දැකිය හැකි මෙම කන්ද කඳුවැටි හයකින් පමණ සමන්විත වේ. ප්‍රධාන මාර්ගයේ සිට බලන කල මෙය ඉතාමත් විශාල කන්දක් ලෙස පෙනෙන්නේ ඒ අවට වෙනත් කිසිදු කඳුවැටියක් නොමැති හෙයිනි.

කෙසේ නමුත් අපට තිබූ එකම අවස්ථාව වූයේ යන්තමින් හෝ අඩි මාර්ගයක් දැක ගත හැකි වී තිබීමයි. එබැවින් අප කන්ද තරණය අවස්ථා තුනකට බෙදුවේ ප්‍රථමයෙන් මීට වසර කිහිපයකට පෙර නාය යාමකට ලක් වූ ආරණ්‍ය සේනාසනය පිහිටි ඉසව්ව කඳු වැටියේ විවෘත අවකාශයට පිවිසෙන ස්ථානය සහ පරවියන්ගල කඳු මුදුනතයි. හෙමි හෙමින් නොනැවතී පියමං කළ නඩය අඩ හෝරාවක් ගත වන විට ගම්මානය පසු කොට කුඩා අඩි පාරකට අවතීර්ණ විය. අඩි මාර්ගය වනය හරහා වැටී තිබුණු අතර ඉදිරියෙන් ගිය අප සගයන් නිවැරදිව අඩි මාර්ගය හඳුනාගෙන ඉදිරියට ගමන් කළේ ගමනේ පළමු නැවතුම්පොළ සොයාගෙනය.

Google Satalite view of the Range

Morning view of Paraviyangala from Badulla road

Paraviyangala seen to Hawagala top

Colors of the sky

Its time to Sun rise

Over the Pines trees

Early Morning view

Morning refreshed

The last peak of the Praviyangala range

Clouds over the valley

Clouds over the Paraviyangala main peak

Its time to wakeup

Kalthota side is still covered

හෝරාවක් පසු වන විට අප ළඟා වූයේ ගමනේ ප්‍රථම නැවතුම්පොළටය. මෙය මීට වසර කිහිපයකට පෙර ස්වාමීන් වහන්සේලා වාසය කළ ආරණ්‍ය සේනාසනයක් විය. එහෙත් මහ වැස්සක කඳු ඉහත්තාවෙන් මතු වුණු අකාරුණික දිය බුබුලක් අවට ගල් පර්වත මහ ගස් උදුරමින් පහළට ගලා ගෙන ආවේ දැවැන්ත නායයාමක් ලෙසින්ය. ඉන් මෙම සේනාසනය මුළුමනින්ම විනාශ වූ අතර එහි විසූ හිමියන් ද සද‌ාකාලිකව පස් යට වැළලුණේ යුද හමුද‌ා ප්‍රයත්න මධ්‍යයේ පවා සිරුරු සොයා ගත නොැහකි වූ නිසාවෙනි. එද‌ා ඒ රාත්‍රියේ එම ස්ථානයේ නැවතුණු අපට මහ මූසල බවක් සේම ගුප්ත වේදනා බර ඉසව්වක් ලෙස හැඟුණේ කිසිත් නොවුවක් මෙන් එහි ගලා යන පෙරට වඩා විශාල වූ දිය දහරාව පිළිබඳවයි. සේනාසනයේ නටබුන් සේම ඉදිරී ගිය ගස් හා පෙරළී ගෙන පහළට පැමිණ හිර වූ දැවැන්ත ගල් කුට්ටි දුටු අප සිත කම්පා වූයේ මෙහි වැළලුණු හිමියන් ගැන සොවිනි.

අප දන්නා පිරිදි නාය යාමට පෙර මෙහි වූයේ කුඩා ජල පාරකි. එහෙත් මේ වන විට එය දෙගුණයකටත් වඩා විශාල දිය දහරක්ව පළලින් ගලාගෙන යයි. අධික ශීත ජල පහර හරහා එගොඩ වී පයිනස් කැලයට අප පිවිසියේ ගමනේ ඊළඟ යාමය අරඹනු පිණිසය. මේ වන විට තරමක අසීරු නැග්මක සිටියේ පයිනස් කැලයේ තිබූ ලිස්සන ස්වභාවය හේතුවෙනි. මහ රූස්ස පයිනස් ගස් ගුවනත වසා ගෙන සිටි අතර සුළග තුළින් පයිනස් ගස් සෙලවෙන ආකාරය විටෙක කෝලම් රටා මැවුවේ විශෘල ශබ්දයක් නගමිනි. මෙහිදී අපට සිදු විය හැකි තවත් අනතුරක් විය. එනම්, අධික සුළඟට පයිනස් ගස් කඩා වැටීමට හැකියාවක් පැවතීමයි. එබැවින් සියල්ලෝ දැඩි විමසිල්ලෙන් ගමනේ නිරත වුහ.

Clouds over Belihuloya side

Its time to get hide

The Landslide area

Through Wangedigala side

Sitting above the clouds

Witness to the sunrise

Standing above the cliouds, Identify the familiar face

Town is getting cleared

Non Pariel road

Nearby mountains

The path we came

Guys at the last peak of this range

තවත් හෝරාවකට ආසන්න කාලයක් තුළදී අප පරවියන් ගල කඳු වැටියේ බටහිර කොනට එනම් ප්‍රථමයෙන් අපි කඳු වැටියේ විවෘත අවකාශය තියන ප්‍රදේශයට අවතීර්ණ වුණෙමු. මෙතැන් සිට ඍජුවම නැග්මක් පමණක් විය. රූස්ස ගස් පිහිටා නොතිබුණු කන්ද මුදුනේ වූ මාන කැලය නිසාවෙන් දුර සගයන්ව පවා පැහැදිලිව දැක ගත හැකි විය. මාන පඳුරු දණහිසට මඳක් පහළට පමණ තෙක් වැඩී තිබුණු අතර තෙත් ගතියක් නොවීය. මීට හෝරාවකට පෙර අප පැමිණි පයිනස් කැලයේ තිබූ සුළං ප්‍රවාහය කිසිදු අඩුවකින් තොරව මෙහිදී ද විඳ ගැනීමට සිදු වුණේ විවෘත ප්‍රදේශයක අප සිටි නිසාවෙනි.

නඩය තරමක වෙහෙසීමකට ලක්ව තිබුණද මහන්සිය මග හරවා ගනු වස් ජීවනී සහ ග්ලුකෝස් ගනිමින් කන්ද නගින්නට විය. ක්‍රමයෙන් ප්‍රථම සහ දෙවන කඳු වැටි පසු කරන විට පඹහින්න, බෙලිහුල්ඔය හා කල්තොට ආදී ප්‍රදේශ යන්තමට දැක ගත හැකි විය. කඳුකර කොටියා හෝර්ටන්තැන්නේ වාසය කරන බැවින් ඌට ගොම්මෝලි හෝ නැග්රැක් හරහා පරවියන්ගලට පැමිණීමට ලොකු දුරක් නොවූයෙන් යටි හිතින් ඇතැමුන්ට ඒ පිළිබඳ යම් කුකුසක් තිබුණි.

දෙවන කඳු මුදුන පසු කරත්ම නත්තල් සමය සිහියට නැගුණේ අවට වටේ එම ගස් වර්ගය නිසාවෙනි. ගුවනත විවෘත මෙම ප්‍රදේශයේ නිතැතින්ම දෙහෝරාවක් පමණ සිටිය යුතු වන බැවින් අව් රශ්මිය නොමැතිව මෙම තරණය කිරීම අපට මහත් පහසුවක් විය. ගමනේ පෙරමුණ ගත් කිහිප දෙනෙක් ඈතින් තෙවන කඳු මුදුනක් පසු කරමින් ඉහළකට අවීතර්ණ වනු අපට දැක ගැනීමට ලැබුණි. හිරු උද‌ාව සමග අවට පරිසරය නැරඹීමට වූ ආසාව නිසාවෙන් සෙස්සෝ ද පය ඉක්මන් කොට ගමනේ නියැලුණහ.

මෙම ප්‍රදේශයේ ගමන තරමක් අසීරු වුණේ වන පඳුරු සේම ගල් බොරලු අධික වූ නිසාවෙනි. මෑත කාලය පුරාවට ගල් බොරලු පිහිටි අතර කඳු නැගීමේදී සමහර විට ගල් බොරලු ලිස්සන්නට විය. එම අවසන් මීටර් දෙතුන් සියය නැගීම බොහෝ දුෂ්කර වූයේ ඉදිරියෙන් යනවුන්ගේ කකුලට ලිස්සන ගල් කැබලි පහළ පිරිසට පැමිණි හෙයිනි. එසේ වුවද සියල්ලෝම ආරක්ෂාකාරීව කඳු මුදුනට පැමිණියහ. එහි විශාල ගලක් වූ අතර ඊට යාබද තවත් ස්ථානයක් වූයෙන් හනිකට අප ඒ වෙත ගමන් කළෙමු. එම අඩි පාර වැඩි අමාරුවක් නොවූයේ තරමක තැන්නක ස්වභාවයක් එහි ඉසිලූ හෙයිනි.

Above the clouds

6th Peak of the mount

Time for a capture

Feel it

Surrounding

Path to Balathuduwa

Enjoying it

Far a way

Through the Sabra Campus

Walking in the mist

නැගෙනහිරින් රක්ත වර්ණ​ෙයන් හා රන් වර්ණයෙන් යුතු අහස් කුස දෙබෑකරමින් හිරු නැගෙන්නට විය. හිරු උද‌ාව පටන් ගත් අතර සියල්ලෝම එය දැක ගැනීමට වාසනාවන්ත වූහ. මන්ද රට මැදක සිට හිරු උද‌ාව හෝ හිරු බැසීම නැරඹීම අතිශය විරල සිදුවීමක් වන බැවිනි. සුදු වලාකුළු උඩින් හිරු ක්‍රමයෙන් ඉහළට නැගෙන්නට වූයේ මන්ද‌ාරම් අඳුර මැදින්ය. ඒ සමගම අප සිටි ඉසව්වට පහළින් අපට පෙනෙන්නට වූයේ වළාකුළු පමණි. ගුවන් යානයක යන විට වලාකුළුවලට ඉහළින් පියාසර කරන අත්දැකීම වැනිම සුන්දර අත්දැකීමක් අප මෙහිදී ලබා ගන්නේ අප සිටි කඳු වැටිය පහළ කිසිදු ගහක් කොළක් ජනාවාසයක් නොපෙනෙන තරම් සුදු වලාකුළින් වසාගෙන සිටි නිසාවෙනි. එය කාටත් පුදුමය දනවන සුලු වූ අතර වැඩි වෙලා නොතිබුණු එම අවස්ථාව ලහි ලහියේ පිරිසගේ තෙවැනි ඇසට හසුවන විට පිරිස තමත් ඈතින් පිහිටි කඳු වැටියක් දෙසට පියමං කරන්නට විය. එම මග ඔස්සේ වනගත වෙමින් බලතුඩුට කන්දට යා හැකි අතර ඒ සඳහා GPS තාක්ෂණය නිරායාසයෙන්ම අවශ්‍ය බව මතක තබා ගත්හ. එලෙස ඔබට වුව පරවියන්ගල සිට බලතුඩුවට පමණ හෙම්මෝලිය කන්ද නැග වංගෙඩි ගල ඔස්සේ බඹරකන්දට බැසිය හැක. එහෙත් එය නිතැතින්ම දින 2ක් ගත වන ක්‍රියාද‌ම චාරිකාවකි.

හෝරා දෙකක් පමණ පරවියන්ගල කඳු මුදුනේ සිටි අප රැගෙන ආ ආහාර අනුභව කරමින් කැමරා සමග කඳු වැටියේ එහෙ මෙහෙ යමින් ඡායාරූප ගන්නට වූහ. ඒ අතර අනෙක් කඳු ගැටයට ගිය පිරිස එම කඳු මුදුනට පැමිණ අප අමතන්නට වූහ. ඔවුන් හා අප අතර ඉදිරියෙන් දැවැන්ත ප්‍රමාණයක් වූ අතර නැවත ඔවුහු අප සිටි ස්ථානයටම පැමිණුනහ.

බෙරගල, බෙලිහුල්ඔය, හපුතලේ, කල්තොට, බලංගොඩ දක්වා අංශක 180ක පුළුල් වපසරියක් දකුණු දිගින් අපට දැක ගන්නට ලැබුණ අතර සමනල වැවද ඒ අතර විය. අනෙක් පසින් වංගෙඩිගල සිට ගොම්මෝලිය සහ හෝර්ටන්තැන්න දක්වා දිවෙන කඳු වැටියත් බටහිරින් හාවාගල සහ නැග්රැක් කඳු වැටියේ සිට හෝර්ටන්තැන්න කඳු වැටියක් දක්නට ලැබුණේ පහළින් දඟර ගැසී යන නැග්රැක් මාර්ගය ද දර්ශනය වෙමිනි. සහයෙකු සතු වූ දුරදක්නයකින් බේකර්ස් වංගුව සහ නැග්රැක් බංගලාව දැක ගැනීමට ලැබුණු අතර අනෙක් පසින් බෙලිහුල්ඔය බදුල්ල මාර්ගය ද දක්නට ලැබුණි.

ක්ෂණයෙන් දැවැන්ත මීදුමකින් අප සිටි ප්‍රදේශය වසාගෙන සිටි අතර විනාඩි කිහිපයකට පසු එය නැවතත් අතුරුදන් විය. හරිත වර්ණයෙන් අනූන කඳු වැටි මත දැවැන්ත ගල් කුට්ටි විය. දිය සීරාවන් පරවියන්ගලින් ඇද හැලෙන අතර තවමත් හිරු කිරණ ගතට සිසිලසක් දෙමින් පැවතුණි. අඩි පාර තිබූ සමහර ස්ථානවලට මීටර කිහිපයක් දුරින් හෙල් විය. ගල් කුට්ටි හා ලිස්සනසුලු ගල් කැබලි පිරි මාර්ගය බැසීම තරමක් අසීරු වූ නමුත් එක පෙළට විවෘත අවකාශය හරහා අපගේ ගමන නොනැවතී පහළට ගිය අතර පිම්මේ ගමන් කළ අප නැවතුණේ පයිනස් කැලය හරහා යමින් නාය ගිය ඉසව්ව අසලිනි. එතැනින් තරමක් මුහුණ කට දෙ‌‌‌ාවාගෙන නැවතත් අපි දහවල් එක පමණ වන විට පහළ ගම්මානයට බැස ගත්තෙමු.

ප්‍රධාන මාර්ගයට පැමිණ නැවතත් හැරී බැලූ කල මෙම සුවිසල් කන්ද අන්ධකාරයේ තරණය කිරීම පිළිබඳ හිතේ පුංචි ආඩම්බරයක් සහ සතුටක් තිබෙන වග අපි දුටුවෙමු.

More to go

Came to the other edge of the range

Paraviyangala peak

Reaching to the pines patch

Time for a capture

small fall near the landslide

Morning

The University

Mountains

The Landslide area

Thanks for reading!

Sobasiri Team © 2018


Viewing all articles
Browse latest Browse all 732

Trending Articles