Year and Month | September-2019 |
Number of Days | One |
Crew | 02 |
Accommodation | N/A |
Transport | Motor Bicycles |
Activities | Hiking, Nature Exploring, Photography, Sightseeing |
Weather | Good |
Route | Colombo -> Ratnapura -> Haputale -> Kumbalwela -> Ella -> Passara Road-> Namunukula -> Club Junction -> Wewekele -> Bambaragala Pathana/ Bibile Kanda |
Tips, Notes and Special remark |
|
Related Resources | None |
Author | Ranshan Fernando |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread
|
Bambaragala Pathana (බඹරගල පතන ) as known as Bibile Kanda which is height about 4335ft (1321m) situated few kilometers away from Namunukula area. This plain is a beautiful place for a camping as we can go there by a 4WD or motor cycle. When we reach this plain, fortunately there were no one but we saw few empty liqor bottles and understood that this plain is a famous place for drinkers.
It is not difficult to find the road up to Bambaragala Plain (බඹරගල පතන ) as it is known by all estate people. We didn’t camp since we had some other things to do. But this place is a good place for Camping.
ඌව පළාතේ නැගෙනහිර බෑවුම් පෙදෙස ගවේෂණය කරනු රිසි ඔබට ඇල්ල නගරය හමුවේ. ඇල්ල සිට පස්සර දක්වා විහිදී ඇති වංගු රැසකින් හෙබි මග ඔස්සේ නමුණුකුළ නගරයට පිවිසෙන ඔබට සිත නිවා සනසාලන භූමි ද්විත්වයකින් එකක් තෝරා එහි ස්පර්ශය ලබන්නට හැකිය. එක්කෝ නමුණුකුළ නගරයේ තැබෑරුම අසල මාරගයෙන් නමුණුකුළ සානුව තෙක් ගමන් කළ හැකිය. නො එසේ නම් තව කිලෝ මීටරයක් පමණ දුර ගෙවා ක්ලබ් හන්දිය තෙක් පැමිණ දකුණු පසට ඇරඹෙන මඟ ඔස්සේ බඹරගල තැන්න දක්වා වෙනස් අත්දැකීමක් විඳීය හැකිය. මේ ඒ බඹරගල තැන්න පිළිබඳ සංචාරක සටහනයි.
බඹරගල තැන්න අතීතයේ පටන් ඌව වෙල්ලස්ස ජනතාවගේ පරම්පරා ගණනාවක උරුමයන් සැඟව ඇති එක් භූමියකි. බදුල්ල සහ මොනරාගල දිස්ති‍්‍රක්කයන්ට මැදි වී පිහිටා තිබෙන බඹරගල තැන්න වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ය. මුහුදු මට්ටමේ සිට උස ආසන්න වශයෙන් මීටර් 1321 කි. ක්ලබ් හන්දියේ සිට කිලෝමීටර් තුනක පමණ ගමනක් අඩක් අබලන්ව ඇති මඟ දිගට ඇත්තේ වම් පසින් ඈතින් පෙනෙනා කුඩා නිවාස පොකුරු සහිත ගම්මාන කිහිපයකි. තේ වගාව සහ අඩි සියයක් පමණ උසැති ටර්පන්ටයින් රුක් අතරින් මේ මඟ සර්පිලාකාරව තැනී ඇත. කුඩා කඩ මණ්ඩියකින් ඉක්බිති හමුවන නිවාස හය හතක් පසුකරමින් පැමිණෙන ඔබට එක් වරම, මොහොතකට පෙර සිටි ලෝකයෙන් වෙන්වූ බවක් හැඟී යයි. කඳුකරයේ පිහිටි මෙවන් බිම් මෘදු තෘණ පඳුරින් සමන්විත වන අතර එවැනි භූමි පතන් බිම් වශයෙන් හඳුන්වනු ලබයි. බඹරගල ද එවන් පතන් බිමකි. ඒ අතුරින් දුඹුරු සහ අළු පැහැ කඳීන් යුක්ත ටර්පන්ටයින් රුක් ගොමු ය. පීත “කන් කොණ්ඩයා, දෑ දෙමලිච්චා, බැම සුදු ගලුගුඩුවා”ආදී වන පක්ෂී නඩ මෙන්ම පතන් බිම මුදුනේ සිට දළ බෑවුමකින් එහා පෙනෙනා නිම්න භූමිය තෙක් ආකාසය සිසාරන “කළු උකුස්සා, සර්ප උකුස්සා” ආදී උකුසුවන් ද මේ සොබාදම් නිවහනේ උරුම කරුවෝය.
![]() Marked in Metric Map, note that the heights mentioned in there in Feet |
![]() Shown in Terrain Map |
![]() Here is the environment |
![]() Meaningful capture |
![]() Over the sun rise |
![]() Namunukula Mountain, other side view |
![]() Keep walking |
![]() Heavenly view |
![]() The cliff |
![]() Towards the Bibilegama area |
![]() Environment |
![]() Paddies at the below |
බඹරගල පතන ක්ෂණිකව වෙනස් වන්නා වූ කාලගුණයකින් යුක්ත ය. මේ මොහොතේ දැඩි හිරු රැස් පතිත වන බිම මත ඊළඟ මොහොතේ අඳුර වෙලා ගනිමින් මිහිදුමින් හාත්පස වැසී යයි. පිනි කුඩු විසිරෙන මද සුළඟ සහ තුරුපත් සුළියකට හසු කරමින් කරකවාලන තද මාරුතය පැමිණෙන්නේ අනපේක්ෂිතව ය. එතරම් සුන්දර අත්විඳීම් වචනයෙන් අකුරෙන් විස්තර කිරීම අසීරු ය.
පතන කෙළවරට වන්නට ඒ බිම වටා පැතිර ඇති ගල් කුළු කිහිපයකි. ඒ මතට ගොස් පහත නිම්නය දෙස නෙත යොමන ඔබට දැකිය හැක්කේ ඌව වෙල්ලස්සේ ඔබ මෙතෙක් නොදුටු බොහෝ දර්ශනයෝය. ඈතින් අහසට නඟින දුම් රොටුවලින් ඒ ගම්මානය බව ඔබ දැන ගනී. නමුණුකුළ කඳු පන්තිය,පස්සර අවට ගම්මාන,සේනානායක සමූද්‍රය,මුතුකන්ඩිය ජලාශය, සියඹලා-ණ්ඩුව,බිබිලේගම,දේවතුර,මියන් කන්ද ගම්මානයන්, මොනරාගලමරගල කඳු යාය,බුත්තල අවට විසිරුණු සියලු ශේෂ කඳු, සෙල්ල කතරගම,කතරගම කිරි වෙහෙර, යුධගනාව වැව හා දක්ෂිණ මුහුදු තීරය මෙම කදිම නැරඹුම් අවකාශයේදී ඔබ නෙතු පැහැර ගන්නවාට නිසැක ය.
![]() Unlimited sky |
![]() The beautiful path |
![]() (Special) Beauty |
![]() Nearby Mountains |
![]() Towers of Uva |
![]() Lunugala |
![]() Another view |
![]() Towards eastern side |
![]() Some destinations |
![]() Maragala Range |
![]() Can achieve easily |
![]() Nature styles |
![]() Greeny |
![]() Handapanagala Lake |
![]() Added to the list |
![]() Morning with the mist |
![]() Surrounding |
![]() Millennium Point |
![]() Another view |
![]() Over the sun rise |
When I’m searching some details about Bambaragala plain, I found some photos taken by Dronecam Aerials in 2017. Here I’m sharing those Aerial photos as they are so beautiful and rare shots.
![]() The Cliff |
![]() Another view |
![]() Kanawarella Tea Factory |
![]() The roads |
![]() Nearby Edges |
![]() Lower villages |
![]() Giant trees |
![]() Environment |
![]() Misty clouds |
![]() The Cliff |
Thank you for reading !