Quantcast
Channel: Mountains – Lakdasun Trip Reports Archive
Viewing all articles
Browse latest Browse all 732

2021 Siripa Pilgrimage |සමනල කන්ද රසික එකමුතුව

$
0
0
Year and Month  30/31-January-2021
Number of Days  Two
Crew  15
Accommodation  Andiyamalathanna Ambalama
Transport  Hired Bus
Activities  Hiking, Photography, Sightseeing, Nature Exploring, Conservation, Constructions
Weather  Clear with a little shower
Route  Colombo -> Avissawella -> Ginigathhena -> Diyagala Junction -> Nallathanniya
Tips, Notes and Special remark
      • Carry enough water
      • Do not try in rainy days
      • Do not carry plastic/ polythene
      • Beware of sudden rain/ flash floods
      • Start your journey earlier
      • Ask the directions from local
      • Do not disturb the villagers
      • Do not litter
      • Leave only footprints
Related Resources  Facebook group – සමනල කන්ද රසික එකමුතුව
Author  Ranshan Fernando
Comments Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread
  • 2021 Siripa Pilgrimage | සමනල කන්ද රසික එකමුතුව

2021 is a most challenging year as the whole world is fighting with Covid-19 and there were restrictions and a procedure in order to pilgrimage Sripada on this season. We had our first pilgrimage on 30th and 31st January 2021 without any letter but under special approvals by the divisional secretariat of Ratnapura as we are conducting a renovation program at Andiyamalathanna toilet complex.

Guidelines for the 2020/2021 Siripa season – Here

Here are some captures of our journey as we didn’t forgot to enjoy the environment.

Destination Seen

The holy peak

Yaka Endu Ella

Flowers

The path to the heaven

Beauty

පුරාණ හිම ගත වර්ණනාව

සත් බඹයක් මගෙ වරලස
මොනර පිලසෙ වර්ණ වෙන්ඩ
සත් ගව්වක් මගෙ කට හඬ
කිඳුරු නාදෙ මෙන් ඇසෙන්ඩ
බිහි වුණා ම මගේ රුවින්
තුන් ලොවට ම එළිය වෙන්ඩ
රන් පන්හිඳ ගෙන සුරතින්
බුදු ගුණ රන්පොත ලියන්ඩ
‘පුරාණ හිමගත වර්ණනාව’ නමැති ඉපැරණි ධර්ම කාව්යය රචනා කළ ගැමි කවියා, ගෙත්තම්පානේ සිට ශරීපාද පද්මය පිහිටි සමනොළ කඳු මුදුන දක්වා ඇති මාර්ගය සහ අනන්ත බුදු ගුණ මහත් සැදැහැ බැති පෙමින් යුතු ව වර්ණනා කොට අවසානයේ තම අරමුණ ඉදිරිපත් කළේ ඉහත කවියේ සඳහන් පරිද්දෙනි. කවියා එහි ලියා දැක්වූවා සේ ම ‘පුරාණ හිමගත වර්ණනාව‘ ලියා ඇත්තේ පුස්කොළ පත්තිරුවල ය.
මෙම පුරාණ පුස්කොළ පොත සොයාගෙන පරකාශයට පත් කරන ලද්දේ ඇන්. පී. අන්ද්රයස් අප්පුහාමි මහතා විසින් බව එහි පැරණි මුද්රණයේ දැක්වේ. පුරාණ පුස්කොළ පොතේ තිබූ අන්දමට මෙම කාව්යය පිටපත් කළ බව සඳහන් කරන පරකාශකයා එහි ලිපි දොස් ඇති බව ද පරකාශ කරයි.
මෙයට අවුරුදු හාරසියයකටත් ඉහත කාලයක ‘පුරාණ හිමගත වර්ණනාව’ කාව්යය රචනා කරන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. සමකාලීන හා පසුකාලීන අවධීන්හි රචනා කළ බව සිතිය හැකි පුරාණ තුන්සරණය, සමන්ත කූට වර්ණනා, සමනල වන්දනා කාව්යය, කැලණි හෑල්ල ආදි වන්දනා කවි පොත්වල එන භාෂා රීතීන්ට වඩා පැරණි බවක් හා නො දියුණු බවක් මෙම කාව්යයයෙහි පෙනේ:
ධර්ම රාජ ගල් පොත්තට වැඩලා
ධර්ම අලංකරීතිය පෙන්නාලා
කර්ම කළෝවත් එතැනට වැඳලා
පෙර්ම පෑපු ගල් පඩි කප්පාලා
කන්යා ලිය කී ලකුණුත් දුටියා
දන්නා ලෙස ගොස් සමනළ දුටියා
මෙබඳු අවියත් යෙදුම් කාව්යයයේ තැනින් තැන දැකිය හැකි වෙයි. ‘ලිපි දොස්’ යනුවෙන් පරකාශක අන්ද්රයස් අප්පුහාමි සඳහන් කළේ එම යෙදුම් පිළිබඳ ව විය හැකි ය. පුස්කොළ පතේ ලියා තිබීම ද එහි පැරණි බවට දෙස් දෙන්නකි. නුවර යුගයට පෙර මෙම කාව්යය රචනා කරන්ට ඇතැයි නිගමනය කළ හැකි අනික් වැදගත් සාධකය වනුයේ එහි අවසානයේ ඇති පුණ්යානුමෝදනා සහිත පරාර්ථනය යි. පසු කාලීන ගරන්ථවල මෙන් මෙතේ බුදුන් දැක නිවන් දැකීම ගැන එහි සඳහන් නො වේ. කාව්යය අවසාන වන්නේ දෙවියන්ට පින් අනුමෝදන් කොට පහත දැක්වෙන පරාර්ථනය කිරීමෙනි.
සාදු සාදු මගෙ දෙමව්පියන්ට යි
සාදු සාදු මගෙ ගුරුවරයන්ට යි
සාදු සාදු මගෙ දූ දරුවන්ට යි
සාදු සාදු මම නිවන් දකින්ට යි

Paths

Beauty

Peace pagoda seen

Nature

Holy peak

A small fall

More to go

Birds

Flowers

Yaka Endu Ella seen

More to go

Steps

Geththampana

By-pass to Ratnapura route

More birds

From another angle

‘පුරාණ හිමගත වර්ණනාව’ යන නාමයෙන් ම හැඟීයන්නේ එම කාව්යය ලියැවුණු වකවානුව වන විට ද ශරී පාද වන්දනාව සඳහා යාමට ඇති මාර්ගය ඝන වනගත පරිසරයක් මැදින් වැටී තිබුණු බව ය.
රී පාදය වන්දනා කිරීම පිණිස සමන්ත කූටයට නැඟීම, හිමේ කරුණා කිරීමක් හැටියට පැරණියන් සැලකුවේ ගෞරව සම්පරයුක්ත බිය මුසු හැඟීමක් ද ඇති ව ය.
පද්යය එකසිය විසිහයකින් සමන්විත ‘පුරාණ හිමගත වර්ණනාව’ කාව්යය ආරම්භ වන්නේ සෙසු කාව්යයන් මෙන් ම තරිවිධ රත්නය වැඳ සෑම දෙවියන්ට ම පින්පෙත් පැමිණ වීමෙනි.
සවන දහම් සඟ රත්නය වැඳලා
සුමන සුරිඳු සහ සැම දෙවි යැදලා
සුගුණ දෙමව්පිය ගුරුවර වැඳලා
බැතින කියමි හිමගත මහ ලකලා
හිමගත වරුණේ මේ ඇරඹුම අන් කාව්යයන්ට වෙනස් වන්නේ පැරණි බෞද්ධ ජන ජීවිතයේ මුහුණුවර එහි සනිටුහන් වී ඇති බැවිනි. කවියා දෝත් මුදුන් දී වඳින්නේ බුද්ධ, ධම්ම, සංඝ යන තරිවිධ රත්නයට හා දෙමව්පියන්ටත්, ගුරුවරුන්ටත් පමණි. සමන්ත කූටයට අධිපති සුමන සමන් දෙවියන්ට හා අනෙකුත් සියලූ දෙවියන්ට ඔහු නො වඳියි. වර්තමානයේ සියලූ නාගරික බෞද්ධයෝ දෙවියන්ට පමණක් නො ව සියලූ දුසිරිතෙහි ගැලූණ පාලකයන්ට හා ජන පරධානීන් වෙසින් පෙනී සිටින අධමයන්ට ද අත් මුදුන් දී වඳිති. පැරණි ගැමියන් තෙරුවන, මාපිය, ගුරුවරු හැර අන් කිසිවෙකුට, කිසි දිනෙක, අත් මුදුන් දී වැන්දේ නැත. ඔවුන් දෙවියන්ට පින් අනුමෝදන් කරන්නේ අත් දෙකේ ඇඟිලි හකුළුවා ළමැදට තබා ගනිමිනි. එම සිංහල බෞද්ධ උරුමය අපට යළි යළිත් සිහිපත් කර වන්නකි, පුරාණ හිමගත වරුණේ ආරම්භක වැනුම.
මුල් කවියට අනතුරු ව එන කවි හතෙන් කරන වැනුම, තිසරණය කෙරෙහි කවියා තුළ පවත්නා අපරමාණ ශරද්ධාව පළ කරන්නකි. තෙරුවන් සරණ යාමෙන් අත් පත් වන ආධ්යාත්මික ශක්තිය මුළු සිත, ගත වෙලා ගන්නා ආකාරය එය කියවන සැදැහැවතුන්ට දැනේ.
බුද්ධං සරණේ සිරසට සීමා
ධම්මං සරණේ ළමැදට සීමා
සංඝං සරණේ දෙවුරට සීමා
මේ තුන් සරණේ සැමට ම සීමා
සිරස, ළමැද, දෙඋර වූ කලි මිනිස් සිරුර තුළ තෙරුවන නවාතැන ගෙන වැඩ සිටින ලැගුම් කුටි වැන්න. තරිවිධ රත්නය ජීවිතයට සම්බන්ධ කරගන්නා කවියා ඊට නිසි ගෞරවය පුද දුන් අයුරු මෙම ආරම්භක පද්යයන්ගෙන් මොනවාට අනාවරණය වෙයි. ශාසනය භාර වූ විෂ්ණු දෙවියන්ට, සමනොළ ගිර භාර සමන් දෙවියන්ට හා දෙවොල් දෙවියන්ට පින් දී හිමේ වඳින්නට යාමට අවසර ගන්නේ ඉන් අනතුරු ව ය.
සමනොළ කඳු මුඳුනේ සිරිපා සලකුණ පිහිටුවීමේ අසිරිමත් කථා පුවත කවි දහ හතකින් වර්ණනා කරන කවියා ගෙත්තම්පානේ සිට කඳු මුඳුනට නඟින තෙක් හමුවන පරධාන ස්ථාන ගැන වෙන වෙන ම විස්තර කරයි. ගෙත්තම්පාන, ධර්මරාජගල, තෙලහින්න, සීත ගඟුල, හැරමිටිපාන, මල්කඳුර හා මහගිරිදඹය එ් තැන් ය. බුදුරජාණන් වහන්සේ අනුකරමයෙන් කඳු මඟ පසු කරමින් සමනොළ ගිරි සිරසට වැඩම කළ ආකාරය එම වැනුම කියවන කෙනෙකු සිත තුළ ඇදී යයි. සම්බුදු සසුන තිරසර ලෙස ශරී ලංකාද්වීපයේ පිහිටු වීමට එරෙහි ව වසවර්තී මාරයා බුදුරජාණන් වහන්සේ අබියසට පැමිණි බියකරු විලාසය කවියා දක්වන්නේ අවස්ථාවෝචිත හැඟුම් දනවන වදන් උපයෝගී කරගනිමිනි:
අහස මේඝ වැසි වතුර ගලා ගෙන
බීත කරන ගල් පහුරක් පැද ගෙන
වාත සුළඟ සෙල් කඳු ගුගුරා ගෙන
වසවතු ආවයි මේඝ මවා ගෙන

Yaka Endu Kanda and Ballabendigala seen as well as Eligoda Kanda and Dakinapura

Flowers

Mist is coming

Beauty

The shortcut

More

Beauty of nature

Birds

More

A Lizard

Here is it

Holy peak

Night view

Night at Andiyamalathanna

Our fire

KDP and Heen Piduruthalawa

Another giant

සිරිපා සටහන තැබූ පර්වත සිරස වසවර්ති මාරයා අනික් පිට පෙරළුෑ කල්හි බුදුරජාණන් වහන්සේ පෙරළුෑ ගල මතුයෙහි නැවත සිරි පතුල පිහිට වූ බව ජනපරවාදයේ ස`දහන් ය. එ පුවත හිමගත වර්ණනාව ලියූ කවියා දැක්වූයේ මෙපරිද්දෙනි:
වසවතු ඇවිත් මේඝ මවාපී
එ බුදු පතුල ගල පිට පෙරළාපී
ගුවනේ වැඩ සිට සක්මන් පෑවේ
පෙරළුෑ ගල පිට පතුල එබූවේ
නිශ්ශංකමල්ල රජු දවස සමනොළ කන්දේ ශීර පාද ලාංඡුනය පිහිටි උතුම් ගල් සිරස සොයාගත් ආකාරය ගැන කියැවෙන ජනපරවාදයක් වෙයි. එ් අනුව රජුන්ගේ උයනේ මල් සොරාගෙන යන සොරුන්, උයන්පල්ලා විසින් අල්ලාගනු ලැබූ පුවතත් සිරිපා පුදට මල්නෙළා ගෙන යන්නේ අන් කවුරුවත් නො ව සුර ළඳන් බව අනාවරණය වූ අයුරුත් ඉන් කියැවේ. කෙසේ වුව ද රාජකීය අනුගරහය ඇති ව මංපෙත් හෙළි පෙහෙළි කොට අවශ්ය පහසුකම් සලසා දී ශීර පාද වන්දනාවේ යාම වැඩි වශයෙන් ඇරඹුණේ පොළොන්නරු කාලයෙන් පසු ව බව පෙනී යයි. එපුවත විස්තර කරන ජනකවියා සුර ළ`දුන් කී මඟ දිගේ ගිය මල්වතු වැද්දා (උයන්පල්ලා) සමනළ විස්තරය ලොවට හෙළි කළේ මෙපරිද්දෙනි:
ආපසු එන්ඩත් මඟ දැන වැඳපි
සීත එහිමයේ මං පසු කරපී
බීත අඳුරු හැර ඔහු එළි බැසපී
සමනළ විස්තර ලෝ පවසාපී
අනතුරු ව කවියාගේ වැනුමට හසුවන්නේ සිරිපා පතුලේ පිළිබිඹු වන විශිෂ්ට අංග ලක්ෂණයන් ය. බුදුරජාණන් වහන්සේගේ සිරිපා පතුලෙහි මඟුල් ලකුණු දෙසිය සොළොසක් පිහිටා ඇති බව බෞද්ධ ගරන්ථයන්හි මෙන් ම ජන සාහිත්යයයේ ද සඳහන් වෙයි. පහත දැක්වෙන අනගි කවියෙන් ද එ් බව පැවසෙයි:
සිරි පිරි බඹ අඹර මත සිරසෙහි නිරැඳි
සිරි පිරි දෙසිය සොළොසක් ලකුණෙන් වොරැඳි
සිරි ගන තිලෝ උතුමන් හැමට පෙම් බැඳි
සිරි පා තඹර නමදිමු අත් මුදුන් දිදී
මෙම මඟුල් ලකුණු දෙසිය දොළොස කවරේ දැයි දන්නෝ විරලය හ. ‘පුරාණ හිමගත වරුණ’ කවියා එ් එක් එක් අංග ලක්ෂණ පද්ය විසි දෙකකින් විස්තර කොට දක්වා ඇත. මේ එහි ආරම්භක පද්ය යි:
ස්වස්තික දෙක පිහිටපු සිරි පතුලේ
සිරි වස දෙක පිහිටපු සිරි පතුලේ
නදවට දෙක පිහිටපු සිරි පතුලේ
අපි යමු වඳිනට එ් සිරි පතුලේ
බුදුරජාණන් වහන්සේගේ සිරිපා පතුලේ පිහිටි දෙසීය සොළොස් ම`ගුල් ලකුණු විස්තරය කවියා අවසාන කරන්නේ පහත දැක්වෙන අයුරිනි:
චකරවාට දෙක පිහිටපු පතුලේ
ජීවන් ජීව දෙක පිහිටපු පතුලේ
ෂඞ් විධ ලෝ දෙක පිහිටපු පතුලේ
ෂෝඩෂ ලෝ දෙක පිහිටපු පතුලේ
අපි යමු වඳිනට එ් සිරි පතුලේ
බුදු ගුණ වැනූ සෙසු ජන කවියන්ගේ වැනුම්වලට වඩා මේ වැනුමේ එන කවිවල දැකිය හැකි විශේෂයක් නම් සංස්කෘත මිශර සිංහලය බෙහෙවින් භාවිත කොට තිබීම යි. මේ හැම කවියක් ම අවසන් වන්නේ ‘අපි යමු වඳින්නට එ් සිරි පතුලේ’ යනුවෙනි.
ඉන්පසු විස්තර වන්නේ සමූහ වශයෙන් සැදී සැදැහැති ජනතාව සිරිපා වන්දනාවේ යෙදෙන ආකාරය යි. සිරිපා පද්මය පිළිබඳ තොරතුරු ඇසූ ජනතාව ඉමහත් ශරද්ධාවෙන් යුතු ව වන්දනා ගමනට පේවී ගමන් ඇරඹූ සැටිත් ලෞකික හා ලොව්තුරා සැපත අත්පත් කර ගැනීමට ඔවුන් තුළ වූ අභිලාෂයත් එම කවිවලින් අනාවරණය කරයි.
ඇසූ ඇසූ අය පින් ගෙන බලවත්තු
ගෙන් ගෙන කියවා තෙල් සි`ද ගත්තු
යන්නට සමනළ මං බැස ගත්තු
ගොසින් මුනිඳු සිරිපා වැඳගත්තු

Bena Samanala

Both Bena

Northern Side up to Gombaniya, Knuckles, Alugal Kanda

Closer view

Sun rising

The giant of Sri Lanka, Kotagala and Dell in lower

Pano view

Colors of the sky

Another capture

Nature

Nature

Giants

More Views

Pettigala range

Sun rising

The colors

Views

More to see

Heaven

Maussa

Beauty

සිරිපා වන්දනාවේ යාමට සූදානම් වන ගම්වාසී බැතිමතුන් එ් බව මුළු ගමට ම සන්නිවේදන කොට මාසයක් පමණක් කාලයක් පුරා එ් වෙනුවෙන් සූදානම් වූ අයුරු අත්දැකීමෙන් අප පසක් කොට ඇත. පොල් වේලා සිඳවා ගත් නැවුම් තෙල් ගමේ හැම නිවෙසකින් ම පාහේ ලැබුණි. ‘ගෙන් ගෙට කියවා තෙල් සිඳ ගත්තු’ යන පද්ය පාදය අපට සිහිපත් කරන්නේ ගැමි බෞද්ධ ජනකායගේ එ් අතීත සම්පරදාය යි.
එක ම අරමුණක් පෙරදැරි කොටගෙන විවිධ පරදේශවලින් පැමිණ සමනොළ කන්ද නඟින බැතිමත් ජනකායගේ සාමූහිකත්වය මානව බන්ධූත්වය වඩන්නකි. හැම නඩයක ම ජනයාගේ මුවින් පිට වන්නේ සාධු නාදය හා මුසු වූ වන්දනා කවි ය. වෙහෙස මහන්සි වී ක`දු තරණය කරන සැදැහැවතුන් තුළ ධෛර්යය වැඞීමට මෙම කවි උපකාරී වෙයි.
නඬේ මෙ යන දෙන අහපල්ලා
නඬේ ටිකින් ටික පසු නො බසිල්ලා
තරහ තිබුණ මුත් දුරු කර ගල්ලා
ගුරුන් කියන ඔවදන් අහපල්ලා
වන්දනා නඩයක පරධානතම උපදේශකයා වන්නේ ‘නඩේ ගුරා’ යනුවෙන් හ`දුන්වනු ලබන තැන්පත් වැඩිහිටියා ය. ඔහු කිහිප වරක් සිරිපා කරුණාකර අත්දැකීම් ලැබුවෙකි. ‘පුරාණ හිමගත වරුණේ’ එන ඉහත ස`දහන් පද්යයෙන් පරකාශ වන්නේ නඩේ ගුරුන්නාන්සේ විසින් තම කණ්ඩායම හසුරුවන ලබන ආකාරය යි.
සමනළ කන්දේ දුෂ්කර ම ගිරි දුර්ගය වන්නේ මහගිරිදඹය නමින් හඳුන්වන ලබන තද බෑවුම් සහිත ස්ථානය යි. සෘජු ව ඇති නැග්ම සහ තද සුළඟ එම ස්ථානය තරණයට තිබෙන මහත් ම බාධාවයි. වන්දනා නඩයේ දිරිය වැඞීම හා සමන් සුරිඳුන්ගේ පිහිට පැතීම මෙහි දී නඬේගුරුන් ඇතුළු වැඩිහිටියන් විසින් සිදු කරනු ලබයි. පහත දැක්වෙන නිදසුන් පද්ය එම අවස්ථාව සජීවි රූපයකට නැගීමක් වැන්න:
එතැනින් මහගිරිදඹය නඟින්නේ
දම්වැල් අල්ලා ඉහළ නඟින්නේ
හුලන් කපොල්ලෙන් ගැලවී යන්නේ
සමන් දෙවිඳු හැමට පිහිටන්නේ
වට පිට නො බලා පාර බලන්නේ
අඩියෙන් අඩියට සාදු කියන්නේ
ගෙත්තම්පාන සිට මහගිරිදඹය දක්වා ඇති සියලූ ස්ථාන පසුකොට ගොස් අවසානයේ දී ශීර පාද පද්මය වෙත ළඟාවීම මාර යුද්දෙන් ජය ගැනීම වැනි යැයි කවියා පවස්නේ ජනතාව මුවෙන් නැෙඟන ජයගරාහී රාවයක් පරිද්දෙනි. බුදුරජාණන් වහන්සේ ද සමනළ ක`දු මුදුනට වැඩම කළේ වසවත් මරුන් පරාජය කරමිනි. දහම් දිවයිනක් බිහිවීම වූ කලි එහි වැසි ජනකාය මාර පාර්ශවයෙන් ගැලවීමකි. මේ සත්යය පසක් කරගත් ජන කවියා තිරසර ලෙස තෙරුවන ලක්දිව පිහිටා ඇති බව මෙනෙහි කරමින් සිරිපා වන්දනා කරන ලෙස සියල්ලන්ට ම ඇරයුම් කරන්නේ වෙන ම විරිතකින් බැඳි පද්ය විසි දෙකකිනි.
බුද්ධ රත්නය දෑග සව්වන්
අනඳ මහ තෙරිඳුන් බලේ
ධම්ම රත්නය මුනි`දු වදහළ
සතුන් ගොඩලන මොක්පලේ
සංඝ රත්නය උපාසකවරු
දන් දි දී ලොව වැඩ කළේ
මෙතුන් රත්නය තබා සිරසේ
වඳින් සිරිපා සමනළේ
මෙම වැනුමේ හැම පද්යයක් ම අවසන් කරන්නේ ‘වඳින් සිරිපා සමනළේ’ යනුවෙනි. කවියාගේ සිත තුළ ජනිත ශරද්ධා මහිමය අපූර්ව උපමා, රූපක රැුගත් යෙදුම් වහරන්නට ඔහුට අනුබල දී ඇති බවට මේ වැනුම දෙස් දෙයි. ‘රුවන් කෙන්දක ඇමුණුවා සේ, අහස් ගර්ජන ලෙසට පූජා, ළහිරු මඬලක් ලෙසින් ගිරිහිස දරා, ගලූත් ක`දු හෙල් බෙර ඇසක් සේ, දෙරණ කරවා සමතලේ’ වැනි යෙදුම් ඊට නිදසුන් ය.
සිරිපා වන්දනා කිරීමේ පින් මහිමයෙන් යහපත් කුලයක ඉපිද දුකක් කරදරයක් රෝග පීඩාවක් නො මැති ව වාසය කොට නිවන් දකින්නට වාසනාව උදා වේවා! යි කවියා පරාර්ථනා කරමින් මේ ලිපිය ආරම්භයේ දී දැක්වූ අදිටන ඉදිරිපත් කරයි.
‘රන් පන්හි`ද ගෙන සුරතින් බුදු ගුණ රන් පොත ලියන්ඩ’
ශීර පාද වන්දනා කිරීම අරභයා ජන කාව්යාවලීන් රාශියක් පසු කාලයේ දී ලියැවුණේ පුරාණ හිමගත වර්ණනා කාව්යය බිහි විමෙන් අනතුරු ව ය. එ් අතර ‘හිමගත වර්ණනාව හෙවත් සිරිපා වැඳීම, සමන්ත කූට වරුණ, පුරාණ සමනළ වන්දනා කාව්යය’ ආදි කාව්ය සංගරහ ගැන ශේෂයෙන් සඳහන් කළ යුතු වෙයි. අඟුල් පැදගෙන ගොස් ශරී පාදස්ථානයේ වැඳ පුදාගත් පිරිස් ද අතීතයේ වූහ. ඔවුන් විසින් ගායනා කරන ලද එක් ජන කවියකින් මේ නිබන්ධය අවසන් කළ යුතු යැයි හඟිමි.
මං පැද අඟුල බැස යමි ගෙත්තම් පාන
පින් මඳ අයට සීමා පවුරකි එතැන
ඉන් නැඟ ගිය කලට මළුවට සෝපාන
වම් සිරි පතුල තැබුවා සමනොළ මුදුන

The Sun

Enjoying

Enjoying the environment

Both Bena Samanala

KDP

Heen Piduruthalawa

More birds

More Views

Clouds

Ratnapura Trail

Nature

Nature

More to go

Nature

Birds

Nature

Nature

view from Andiyamalathanna

Nature

Nature

Nature

Nature

The View of the Shadow

Widest panorama

Thank you for reading !

Sobasiri Team ©


Viewing all articles
Browse latest Browse all 732

Trending Articles